Jump to content

Lophotrochozoa

විකිපීඩියා වෙතින්
The printable version is no longer supported and may have rendering errors. Please update your browser bookmarks and please use the default browser print function instead.
රෝමානු ගොලුබෙල්ලෙක්, (නිහඬබෙල්ලෙක්)Helix pomatia

Lophotrochozoa වන් හට සත්ත්ව වංශයෙහි වඩාත් සාර්ථක මෘද්වංශකයින් සහ ඇනලිඩාවන් අයත් වේ. මොලුස්කාවන් හට නිහඬබෙල්ලන්, බෙල්ලන් සහ දැල්ලන් ද ඇනලිඩාවන් හට කණ්ඩනය වු පණුවන් හෙවත් ගැඩවිලුන් සහ කූඩැල්ලන් අයත් වේ. මෙම කාණ්ඩ දෙකම කලක් තිස්සේ සමීප සම්බනන්ධතාවයක් පවතින බවට සලකනු ලබන්නේ ඔවුන්හට පොදු trochophore පිළවුන් හේතුවෙනි. නමුත් ඇනලිඩාවන් සන්දිපාදිකයන් හ‍ට වඩාත් සමීප සම්බන්ධතාවයක් ඇති බවට සැලකේ. මෙසේ වන්නේ ඔවුන් දෙවර්ගයම කණ්ඩනය වී ඇති බැවිණි. මෙය අභිසාරි පරිණාමයක් ලෙස සැලකේ. එසේ වන්නේ එම වංශ දෙකෙහි රූපාකාරයේ සහ ජානමය වශයෙන් ඇති වෙනස්කම් මත පදනම්වය.

Lophotrochozoa වන් හට නෙමටෝඩා හෙවත් පටිපණුවන් අයත්වේ. Sipuncula සහ මුඛය වටා පක්ෂ්ම රාහියක් පිහිටා ඇති ඇතැම් වංහිකයින් හට lophophore යැයි හැදින්වේ. මොවුන් සම්ප්‍රදායික වශ‍යෙන් එක්ව ගත් කල lophophorates යැයි වර්ග කරනය කරනු ලැබේ. නමුත් දැනට පෙනිගොස් ඇති අන්දමට ඔවුන් නෙමටෝඩාවන් හට සමීප සම්බන්ධතාවයක් ඇති සහ ඇතමුන් මෘද්වංශිකයන්ට සහ ඇනලිඩාවන්ට සමාන සම්බන්ධතාවයක් ඇති paraphyletic ලෙසට වර්ගිකරණය කරනු ලැබේ. ඔවුන්හට බෙල්ලන් හෙවත් Brachiopoda වන් අයත්වෙයි. ඔවුන් පොසිල ව‍ාර්තා වල වඩාත් ප්‍රමුඛ වේ. Entoprocta, Phoronida සහ Bryozoaහෙවත් පාසි වැනි සතුන්ද අයත්ය.

References

http://en.wikipedia.org/wiki/Animals#Lophotrochozoa

"https://si.wikipedia.org/w/index.php?title=Lophotrochozoa&oldid=657628" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි